ඩුබායි සිට ලාංකිකයින් 400ක් අද දිවයිනට

අගෝ 08, 2020

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද (08) සිට යළි ආරම්භ වේ.

    ඒ අනුව ඩුබායි සිට පුද්ගලයින් 400දෙනෙක් අද (08) මෙරටට පැමිණීමට නියමිතයි.

    ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළේ මාලදිවයින , ඕස්ට්‍රේලියාව,කටාර්,ඕමාන්,බහරේන් , මැලේසියාව , සිංගප්පුරුව මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් වල ද රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවලදී දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

    පසුගිය 4 වැනිදා සිට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටවනු ලැබුවේය.

    Last modified on සෙනසුරාදා, 08 අගෝස්තු 2020 10:31

    Latest News