ජෝ බයිඩන් සමාව අයදියි

ජන 23, 2021

    එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල තුළ ස්ථානගත කර ඇති ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් හට ප්‍රමාණවත් පහසුකම් නොලැබීම පිළිබඳ ජනාධිපති ජෝ බයිඩන් සමාව අයද සිටියි. ආරක්ෂක බලකායේ සාමාජිකයන් හට රථ ගාලවල් තුළ නිදාගැනීමට සිදුවීම මෙලෙස ජනාධිපති බයිඩන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.

    මෙම මස මුලදී දේශපාලනික වශයෙන් බෙදී ගිය ජනතාව අතර ඇතිවූ ප්‍රචන්ඩත්වය හේතුවෙන් කැපිටල් ගොඩනැගිල්ල තුළ ආරක්ෂාව තර කිරීමට සිදුවී තිබිණ.

    නව ජනාධිපතිගේ පත්වීමට එරෙහි හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ල තුලට කඩාවැදීම ආරක්ෂක භටයන් යෙදවීමට ප්‍රධානතම හේතුව වී තිබේ.

    නමුත් ගොඩනැගිල්ල තුල 25,000කට වැඩි භටයින් ප්‍රමාණයක් යෙදවීම හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙලෙස නිලධාරීන් අපොහොසත් වී ඇති අතර මේ හේතුව නිසා පීඩාවට පත් භටයින්ගෙන් ජනාධිපතිතුමා සමාව අයදා සිටියි.

    ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් විසින් රැඳී සිටින සෙබළුන් භට කුඩා තෑග්ගකින් තෘතඥතාව පළ කර සිටි අතර පවුලේ අය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන්ට ස්තූතිවන්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News