ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කළ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කෙරේ

ජන 23, 2021

    ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කළ බවට පළ වූ වාර්තා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපති ජෝන් කෝට්ස් මහතා ප්‍රතික්ෂේප කරයි.

    සිකුරාදා ඔහු කියා සිටියේ ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට හෝ කල් දැමීම පිළිබඳව සංවිධායකයින් අතර කිසිදු සාකච්ඡාවක් නොතිබූ බවයි.

    COVID - 19 වසංගතය හේතුවෙන් ක්‍රීඩා අවලංගු කිරීමට ජපාන රජයේ නිලධාරීන් තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණ.

    ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ද වන කෝට්ස් මහතා, ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ, ඔහු ජපානයේ හිටපු අගමැතිවරයා සහ ටෝකියෝ 2021 සංවිධායක කමිටු සභාපති යොෂිරෝ මෝරි මහතා සමඟ බ්‍රහස්පතින්දා සාකච්ඡා කළ බවත්, බොහෝ දුරට සැලසුම් කළ පරිදි කටයුතු සිදු කෙරෙන බවත් ය.කෙසේවෙතත්, දේශීය හා ජාත්‍යන්තර COVID - 19 තත්ත්වය අනුව ක්‍රීඩා උළෙල පිළිබඳ අපේක්ෂාව මැයි මස අග දක්වාම අපැහැදිලි වනු ඇති බව කෝට්ස් මහතා සඳහන් කළේය.

    Latest News