එන්නත් ක්‍රියාවලියෙන් අර්බුද ගැන WHO හෙළිකරයි

ජන 19, 2021

    කොරෝනා එන්නත ලොවට බෙදාහැරීමේ අසාධාරණ ප්‍රතිපත්තිය නිසා ඉදිරියේදී අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එන්නත්කරණ ක්‍රියාවලියෙන් සමස්තයට සාධාරණය ඉටු නොවන බවයි එම සංවිධානය පවසන්නේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රස් ගේබ්‍රියේසස් ප්‍රකාශ කළේ,ධනවත් රටවල තරුණ හා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට වඩා දුගී භාවයෙන් පෙළෙන රටවල වියපත් පුද්ගලයින්ට හා එන්නත් අවශ්‍ය පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානය යොමු විය යුතු බවයි.

    ධනවත් රටවල් 49කට එන්නත් මාත්‍රා තුන්කෝටි අනූලක්ෂයක් ලබාදී ඇති අතර ලොව අනෙකුත් සියලුම රටවල් සලකා බැලීමේ දී එක් රටකට බෙදී ඇත්තේ, එන්නත් මාත්‍රා 25ක් පමණක්.

    මේ හේතුවෙන් ඉදිරියේ දී බොහෝ අර්බුද ඇතිවිය හැකි බව ඔහු සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 19 ජනවාරි 2021 12:53

    Latest News