අමෙරිකාව එන්නත ලබාදීමට හෙට අරඹයි

දෙසැ 13, 2020

    අමෙරිකාන ජනතාවට එන්නත් ලබාදීමේ වැඩසටහන හෙට ආරම්භ කෙරේ. එන්නත් මාලා මිලියන 3ක් ප්‍රථම අදියර යටතේ ලබාදීමට නියමිතයි.

    එහෙත්, එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව වුවද, පෙර පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව අමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනය ජනතාවට දැනුම් දෙයි.

    ඊට හේතු වී ඇත්තේ, එන්නත ලබාදීමෙන් පසු ඇතැම් පුද්ගලයන්ගෙන් මතු වන සංකූලතා තත්වයයි. ‍ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇත්තේ,බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 44,000ක්. එම කාලසීමාවේ දී සිදුවූ මරණ සංඛ්‍යාව 690ක්.

    ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ගතවූ පැය 24 තුළ වාර්තා වී ඇත්තේ,බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 44,000ක්. එම කාලසීමාවේ දී සිදුවූ මරණ සංඛ්‍යාව 690ක්.

    එහෙත් ගතවූ පැය 24 තුළ ලොව ‍වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ,මෙක්සිකෝවෙන්. ඒ 693ක් ලෙසයි. මෙක්සිකෝව, ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දෙන සිව්වැනි රට ලෙසට ප්‍රකාශයට පත්ව තිබේ. ගතවූ පැය 24 තුළ තෙවනුවට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් හඳුනා ගැනුණේ, ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 30,000කට අධිකයි.

    ඉතාලියේ ආරංචි මාර්ග පවසන්නේ,කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ ආරම්භය පසුගිය වසරේ නොවැම්බර් අගභාගය දක්වා ආපස්සට දිව යන බවයි. එම සාක්ෂිවලින් තහවුරු වී ඇතැයි, පැවසේ.

    පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිව් හැවිරිදි දරුවෙක් ස්වසන ආබාධ හා නාසයේ ඇති වූ දැඩි වේදනාව හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණියේය.

    පසුගිය පෙබරවාරි 21 වැනිදා ඉතාලිය නිල වශයෙන් කොරෝනා සායනික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ සිද්ධිය වාර්තා වූ බවයි, එරට බලධාරීන් පවසන්නේ.

    Latest News