නයිජීරියාවේ තුවක්කුකරුවෝ පාසැල් දරුවන් පැහැර ගනී

දෙසැ 13, 2020

    නයිජීරියාවේ වයඹ දිග පාසලකට එල්ලවූ ප්‍රහාරයකින් පසු සිසුන් සිය ගණනක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

    කට්සිනා ප්‍රාන්තයේ රජයේ විද්‍යා ද්විතියික පාසලට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

    බලධාරීන් පවසන්නේ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි තුවක්කුකරුවන් විසින් සිසුන් පැහැරගෙන ගොස් ඇති බවයි.

    තුවක්කුකරුවන් විසින් සිසුන් ගනනාවක් රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

    පැහැරගෙන ගොස් ඇති සංඛ්‍යාව නිශ්චිතව මෙතෙක් ප්‍රකාශවී නොමැති අතර, සිසුන් 400ක් පමණ පැහැර ගන්නට ඇති බවට අනුමාන කෙරේ.

    කෙසේවුවද බලධාරීන් පවසන්නේ සිසුන්ට තුවාල සිදුවූ බවට වාර්තා නොමැති බවයි.

    නයිජීරියානු ජනපති මුහමුදු බුහාරි ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර සිසුන් බේරාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් දී තිබේ.

     

    Latest News