රුසියාවේ ඊයේ කොවිඩ් මරණ 613ක්

දෙසැ 12, 2020

    රුසියාවේ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 613ක් මියගොස් තිබේ. එමෙන්ම නව ආසාදිතයින් 28,585ක් ගතවූ පැය 24 තුළ දී වාර්තා විය.

    මෙම අගයන් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 25 ලක්ෂ 97,000 ඉක්මවා තිබේ. මෙසේ වාර්තාගත ලෙස ආසාදිතයන් හා මරණ ඉහළයාම පිළිබඳව රුසියානු බලධාරීන් විසින් ද නව ක්‍රියාමාර්ග සඳහා එළඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ලොව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන අමෙරිකාවේ ද මේ වන විට එක්කෝටි 62 ලක්ෂ 95,000කට වැඩි කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වෙයි.

    ගතවූ පැය 24 තුල දී පමණක් එම සංඛ්‍යාවට නව ආසාදිතයන් දෙලක්ෂ 46,530 දෙනෙක් වාර්තා වී තිබේ. එමෙන්ම, ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන් 3019 දෙනෙක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

    අද වන විට සමස්ත රටවල් අතර වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7 කෝටි 14 ලක්ෂ 32,000කට වැඩි අගයක් වන අතර මරණයට පත්ව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16 ලක්ෂ 10,88ක්.

    Last modified on සෙනසුරාදා, 12 දෙසැම්බර් 2020 11:24

    Latest News