'කැන්ඩි ටස්කර්ස්' තරගාවලියෙන් ඉවතට

දෙසැ 11, 2020

    කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම,ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ.

    ඒ ඊයේ පැවති තරගයෙන් ගෝල් ග්ලැඩියේටස් හමුවේ ලද පරාජයත් සමඟයි. ඒ අනූව, අවසන් පූර්ව වටය සඳහා දඹුල්ල වයිකිංග්, කළම්බෝ කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තේය.


    ඊයේ පැවති තීරණාත්මක තරගයක් වූ කැන්ඩි ටස්කර්ස් හා ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුළු 9ක ජයක් හිමිකර ගැනීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩයම සමත් විය.

    තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය, කළම්බෝ කිංග්ස් කණ්ඩායම සහ දඹල්ල වයිකිංග් කණ්ඩායම අතර අද පැවැත්වෙයි.

    Latest News