තවත් අභ්‍යවකාශ සංචාරක ගුවන් යානයක් අද අහසට

දෙසැ 12, 2020

    අමෙරිකානු සමාගමක් වන 'වර්ජීන් ගැලැක්ටික්' සමාගමේ අභ්‍යවකාශ සංචාරක නව ගුවන් යානය අත්හදා බැලීම සඳහා අද ගුවන්ගත කිරීමට සූදානම්ව තිබේ.

    මෙය බොහෝ විට අවසාන අත්හදා බැලීම විය හැකි බවට ගුවන්යානයේ තාක්ෂණික නිලධාරීන් පවසයි. යානය අත්හදා බැලීම් ගණනාවකින් අනතුරුව සාර්ථක මට්ටමේ පවතින බවයි, සමාගම පවසන්නේ.

    අද සිදු කිරීමට නියමිත අත්හදා බැලීම මගින් යානය අභ්‍යවකාශ සංචාර සඳහා අවසාන වශයෙන් සූදානම් වන බවට සමාගම විශ්වාස කරයි.

    එක්සත් ජනපදයේ නිව්මෙක්සිකෝවේ වාණිජමය අභ්‍යවකාශ ගුවන්තොටුපොළෙන් මෙම ගමන සිදු කිරීමට සූදානම්ව පවතියි. පෞද්ගලික සමාගම් ගණනාවක් ද රටවල් බොහෝමයක මේ වන විටත් අභ්‍යවකාශ වෙත මිනිසුන් සංචාර සඳහා ගෙන යාමට අවශ්‍ය මෙවලම් අත්හදා බලමින් සිටින බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 12 දෙසැම්බර් 2020 12:26

    Latest News