ජෝ බයිඩන්ගේ නව ආරක්ෂක ලේකම් කළුජාතික ඔස්ටින්

දෙසැ 08, 2020

    අමෙරිකාවේ තේරී පත්වූ නව ජනාධිපති ජෝ බයිඩන් සිය ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙකු වන ලොයිඩ් ඔස්ටින් නම්කර තිබේ.

    මේ අනූව, ජෙනරාල් ඔස්ටින් පෙන්ටගනයේ ප්‍රථම කළු ජාතික ප්‍රධානියා වනු ඇති. 67 හැවිරිදි ඔහු පසුගිය ඔබාමා පාලන සමයේ අමෙරිකානු මධ්‍යම විධානය බාරව ක්‍රියාකළා.

    එහිදී ඔහු ප්‍රධාන වශයෙන් මැදපෙරදිග, මධ්‍යම ආසියාව සහ දකුණු ආසියානු කලාපයේ කොටසක් බාරව කටයුතු කළේය. කෙසේ වෙතත් ඔහු සේවයෙන් විශ්‍රාම ගෙන තවමත් වසර හතක් ගතවී නොමැති නිසා ඔහුගේ පත්වීමට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු වෙයි.

    ජෝ බයිඩන් සිය අනෙකුත් ආරක්ෂක කාර්ය මණ්ඩල නම්කර සති දෙකකට පසුවයි, ආරක්ෂක ප්‍රධානියා නම් කළේ.

    Last modified on අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 11:18

    Latest News