බ්‍රෙක්සිට් සාකච්ජාවට අගමැති බොරිස් බෙල්ජියමට

දෙසැ 08, 2020

    බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ජා කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ‍බොරිස් ජොන්සන් මේ සතියේ බෙල්ජියම් වෙත සංචාරය කිරීමට නියමිතව තිබේ.

    යුරෝපා කොමිසමේ සභාපතිවරිය සමග පශ්චාත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය පිළිබඳව අවසන් එකඟතාවලට පැමිණීම සඳහා ඔහු බ්‍රසල්ස් වෙත සංචාරය කිරීමට නියමිතයි. මෙම සාකච්ජාවල දී පරිපාලනය,ව්‍යාපාරික තරගකාරීත්වය,නීතිරීති සහ ධීවර කර්මාන්තය සම්බන්ධ ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතයි.

    මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හා යුරෝපා සංගමයේ සභාපතිවරිය අතර දුරකථන සංවාදයක් ද පසුගියදා පැවැත්විණ. එහිදී, යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 11:02

    Latest News