ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි සාකච්ඡාවට ගැනීම පිළිබඳ ඉරානයේ දැඩි විරෝධය

දෙසැ 08, 2020

    ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ පූර්ණ ගිවිසුම යළි සාකච්ඡා කළ යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාවට ඉරානය විරෝධය පළ කරයි.

    ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Saeed Khatibzadeh මහතා ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

    ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ පූර්ණ ගිවිසුමට වැදගත් අර්ථයන් හිමි වන අතර, එම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ඉරානය විරෝධය පළ කරන බව හෙතෙම සඳහන් කළේය.

    ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ පූර්ණ ගිවිසුම සම්බන්ධයෙන් ජර්මන් විදේශ අමාත්‍යවරයා පසුගියදා ඉදිරිපත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් Saeed Khatibzadeh මහතා මෙම ප්‍රතිචාරය දැක්වීය.

    මාධ්‍ය වාර්තාවට අනුව, ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ පූර්ණ ගිවිසුම යාවත්කාලීන කළ සංස්කරණයකට එළඹිය යුතු බවත් ඒ හරහා ඉරානයේ බැලස්ටික් මිසයිල සැලසුම සීමා කළ යුතු බවත් ජර්මන්නු විදේශ අමාත්‍යවරයා පැවසීය.

     

    Latest News