තැපෑල ලෙඩින් ලියුම් එයි වටින් ගොඩින්

ජූනි 13, 2024
    අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ (12) මධ්යම රාත්රීයේ සිට වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

    අද (13) මධ්යම රාත්රී දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්රියාත්මක කරන බවයි,ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.

    තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම මෙම වෘත්තිය සමිති ක්රියාමාර්ගයේ අරමුණ බවයි, ඔහු පවසන්නේ.

    Latest News