ෆයිසර් - බයෝ එන්ටෙක් එන්නත සාර්ථකද?

නොවැ 11, 2020

    වෛරසයට සාර්ථක එන්නතක් බවට ඊයේ ඉදිරිපත් කෙරුණු ෆයිසර් - බයෝ එන්ටෙක් එන්නත සහ අඛණ්ඩ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුළින් කො‍රෝනා වෛරසය අවසන් කිරීමේ හැකියාව පවතින බවට තමා විශ්වාස කරන බව අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි.

    අසල්වැසි ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයන් හතළිස් හතර දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගනු ලැබීය. එම කාල සීමාවේ සිදුව ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 511ක්.

    කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලෙන් බලපෑම් එල්ල වූ ඉතාලියෙන් ඉකුත් පැය 24තුළ අලුතින් ආසාදිතයන් 35098 දෙනෙක් බ්‍රිතාන්‍යයෙන් 20412 දෙනෙක් හා ප්‍රංශයෙන් 22180 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි,නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ.

    Last modified on බදාදා, 11 නොවැම්බර් 2020 10:01

    Latest News