ගෝලීය කොවිඩ් මරණ නව ලක්ෂ 81,000කට අධිකයි

සැප් 24, 2020

    ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට තුන්කෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව නව ලක්ෂ අසූ එක් දහසකට අධිකයි. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. එම සංඛ්‍යාව 89,688ක්.

    ඒ අනූව, ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පනස් හත් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර, එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 91,000 ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 1,152ත් සමගයි.

    ලොව එක් රටකින් වාර්තාවන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන හැත්තෑ එක් ලක්ෂයකට අධික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අමෙරිකාවේ.

    Latest News