නේවාසික වීසා වර්ග 3ක් හිමි විදේශිකයින්ට චීනයට ඇතුළු වීමට අවසර

සැප් 24, 2020

    ලබන සඳුදා (28) සිට නේවාසික වීසා වර්ග 3ක් සහිත විදේශිකයින්ට චීනයට ඇතුළු වීමට අවසර ලබා දෙන බව චීනය නිවේදනය කරයි.

    චීනයේ රාජකාරී වල නිරත නේවාසික වීසා, පෞද්ගලික කටයුතු වල නිරත නේවාසික වීසා හා පවුලේ අය සමග වාසය කිරීම සඳහා වන නේවාසික වීසා එම වීසා වර්ග 3යි.

    ලබන 28 වැනි දා සිට එය ක්‍රියාත්මක කෙරේ.

    ඊට අදාළ පුද්ගලයින්ට නව වීසා පත්‍රය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නොමැත.

    චීන විදේශ අමාත්‍යංශය හා ජාතික ආගමන විගමන පරිපාලනය ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.

    විදේශිකයන් සතු එම වීසා වර්ග 3 පසුගිය මාර්තු මස 28 වැනි දා සිට අවලංගු වී ඇත්නම්, එවැනි වීසා හිමිකරුවන් සිය නේවාසික වීසා හේතුව වෙනස් කර නොමැති නම් අවලංගු වූ නේවාසික වීසා හා අදාළ ලේඛන ඒ ඒ රටවල චීන තානාපති කාර්යාලයට ‍හෝ කොන්සල් කාර්යාල වලට අදාළ වීසා පත්‍රය සඳහා අයදුම් කළ හැකියි.

    එමෙන්ම, පසුගිය මාර්තු මස 26 වැනි දින නිකුත් කළ සෙසු පියවර අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

    Latest News