නිව්යෝක් ප්‍රහාරයට වසර 19ක්

සැප් 11, 2020

    අමෙරිකාව එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී අදට වසර 19ක් සපිරෙයි.

    2001 වසරේ සිදුවූ ප්‍රහාරයෙන් 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය. අල්කයිඩා සංවිධානය එල්ල කළ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස 25,000කට අධිකයි. අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,පෙන්ටගනය හා තවත් ඉලක්කයක් වෙත ප්‍රහාර සිදු කෙරුණු අතර, ඒ සඳහා ගුවන් යානා 4ක් යොදා ගෙන තිබිණ.

    අමෙරිකානු මගී ගුවන් යානා පැහැරගෙන සිදුකළ ප්‍රහාරයෙන් අමෙරිකානු ආර්ථිකයට සිදුවූ හානිය ඩොලර් බිලියන 10කට අධිකයි. ලෝක ඉතිහාසයේ සිදුවූ වඩාත් මාරාන්තික තනි ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව ලෙසයි, සැප්තැම්බර් එකොළහ මෙම ප්‍රහාරය සැලකෙන්නේ.

    Last modified on සිකුරාදා, 11 සැප්තැම්බර් 2020 10:04

    Latest News