ඉන්දියාවේ ආසාදිතයින් ලක්ෂ 45 ඉක්මවයි

සැප් 11, 2020

    ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ, අසල්වැසි ඉන්දියාවෙන්.

    ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 45 ඉක්මවා තිබේ.ඉන්දියාවේ මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව හැත්තෑහය දහස් තුන්සිය හතරක්. ලොව තෙවනුවට ආසාදිතයින් වාර්තාවන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 42 ඉක්මවා තිබේ. එරට මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 29,000කට අධිකයි.

    ආසාදිතයින් ලක්ෂ 10 ඉක්මවූ රටවල් අතරට මේ වන විට රුසියාව ද එක්ව තිබේ. කොරෝනා ආසාදිතයන් ලක්ෂ දහය ඉක්ම වූ රටවල් ගණන 4ක් වන අතර, ආසාදිතයන් ලක්ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 32ක්. මරණ ලක්ෂය ඉක්මවූ රටවල් ගණන 2ක්.

    මරණ විසි පන්දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 9ක් වෙයි. මරණ දස දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 16ක්. මරණ දහසකට අධික රටවල් අතරට රාජ්‍යයන් 50ක් ඇතුළත්. සියලුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 8ක් වාර්තා වෙයි. නෞකා දෙකක් ද ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. රටවල් 24ක් කොරෝනා කිසිඳ මරණයක් වාර්තා නොවූ රාජ්‍යයන් අතරට අයත්.

    Last modified on සිකුරාදා, 11 සැප්තැම්බර් 2020 09:37

    Latest News