ලොව ආසාදිතයින් දෙකෝටි දෙලක්ෂ 50,000 ඉක්මවයි

අගෝ 11, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට දෙකෝටි දෙලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව හත් ලක්ෂ තිස් අට දහසකට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව පනස් දෙලක්ෂ පනස් එක් දහස ඉක්මවා ගිහින්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, එක් ලක්ෂ හැටහය දහසක් ලෙසයි. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව තිස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එරට මරණ සංඛ්‍යාව ද ඊයේ ලක්ෂ්‍ය ඉක්මවා තිබේ.

    ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි. එරට ආසාදිතයන් සංඛ්‍යාව විසි දෙලක්ෂ හැටනව දහසකට අධිකයි. ඉන්දියාවේ මේ දක්වා කොරෝනා මරණ හතළිස් පන් දහස් තුන්සීයකට වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ. මේ වන විට කොරෝනා ආසාදිතයන් ලක්ෂ දහය ඉක්ම වූ රටවල් සංඛ්‍යාව 3ක් වන අතර ආසාදිතයන් ලක්ෂය ඉක්ම වූ රටවල් සංඛ්‍යාව 26ක්.


    මරණ ලක්ෂය ඉක්මවූ රටවල් ගණන 2ක්. මරණ විසි පන් දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 8ක් වෙයි. මරණ දහසකට අධික රටවල් සංඛ්‍යාව 46ක්. සියලුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 12ක් වාර්තා වෙයි. නෞකා දෙකක් ද ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. රටවල් 24ක් කොරෝනා කිසිඳු මරණයක් වාර්තා නොවූ රාජ්‍යයන් අතරට ඇතුළත්.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 11:23

    Latest News