ලෙබනනයේ පිපිරීමෙන් ලාංකිකයන් දෙදෙනෙක්ට තුවාලයි

අගෝ 05, 2020

    ලෙබනනයේ බේරුට් නගරයේ ඊයේ (04) සිදුවූ පිපිරීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    ඒ අනුව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා ඇති බව තහවුරු කර ගෙන ඇති අතර බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

    ලෙබනන මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති අතර ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ.

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 16:35

    Latest News