කොරෝනා වෛරසයට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නව එන්නතක්

ජූලි 21, 2020

    කොරෝනා වෛරසයට නව ඒන්නතක් සාර්ථකව අත්හදා බැලීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමත්ව තිබෙනවා.

    මෙම නව එන්නත සාර්ථක සහ ආරක්ෂාකාරී බව විද්‍යාඥයින් පවසයි. නව එන්නත කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දී ඇති බව ද වාර්තා වෙයි.

    එන්නත මගින් කොරෝනා වෛරසයට ඒරෙහි ප්‍රතිදේහ සහ ටී සෛල ශරීරය තුළ සාර්ථකව නිපදවා තිබෙනවා. පුද්ගලයන් 1077 ක් යොදාගෙන සිදුකරන ලද පරීක්ෂණ මගින් මෙම කරුණු හෙලිවී තිබෙනවා.

    අනෙකුත් එන්නත් හා සැසදීමේ දී මෙම එන්නත ඉතා සාර්ථක සහ විශ්වාසදායී බව ප්‍රකාශ වනවා. නමුත් මෙම එන්නත වෛරසයට එරෙහිව සම්පූර්ණ ආරක්ෂාවක් ලබා දෙන්නේ ද යන්න පිළිබදව පැවසීමට තවමත් කල් වැඩි බවයි විද්‍යාඥයින්ගේ විශ්වාසය වන්නේ.

    ඒ සදහා තවත් පර්යේශණ සිදුකළ යුතු වන අතර තවත් විශාල පරිමාණයේ මිනිස් අත්හදාබැලීම් මේ සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත බවයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පවසයි. මීළඟ අදියර වලදී දස දහසකට අධික පිරිසක් යොදාගෙන මෙහි අත්හදාබැලීම් සිදුකිරීමට නියමිතයි. ඉන් අනතුරුව අමෙරිකාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල පුද්ගලයින් තිස්අටදසක පමණ පිරිසක් යොදාගෙන මෙම එන්නත අත්හදා බැලෙනු ඇති. ChAdOx1 nCov-19යනුවෙන් මෙම එන්නත නම් කර ඇත.

    Last modified on අඟහරුවාදා, 21 ජූලි 2020 13:41

    Latest News