මෙවර හජ් වන්දනාකරුවන් 1000කට සීමා වෙයි

ජූලි 21, 2020

    මෙවර හජ් වන්දනාව සඳහා ඉස්ලාමීය බැතිමතුන්ට සහභාගිවීමට ඇති අවස්ථාව සීමා කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇත.

    කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම සීමා කිරීම කරයි. හජ් වන්දනාව මේ මස 29 වනදා සිට ආරම්භවීමට නියමිතය. වන්දනාවට සහභාගිවන බැතිමතුන් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය කර ඇත මෙවර හජ් වන්දනා කරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවකට පමණක් අවස්ථාව ලබාදීමට සෞදි බලධාරීන් තීරණය කර ඇත.

    සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 25 ක පමණ බැතිමතුන් පිරිසක් හජ් වන්දනාව සඳහා සෞදි අරාබියේ මක්කම නගරයට පැමිණෙයි හජ් වන්දනා චාරිත්‍රයේ උච්චතම අවස්ථාව අර්ෆත් කන්ද තරණය කීරීම වෙයි

    Latest News