ලොවපුර කොවිඩ් අසාදිතයින් එක්කෝටි 40 ලක්ෂයට ආසන්නයි

ජූලි 17, 2020

    ලොව, කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද වනවිට එක්කෝටි 39 ලක්‍ෂ 52,000 ඉක්මවා තිබේ.

    මරණ සංඛ්‍යාව 592,000කට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව 36 ලක්‍ෂ 9

    ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව 26 ලක්‍ෂය ඉක්මවා ගියේය.

    මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 76,000කට අධිකයි. ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි. එරට ආසාදිතයන් සංඛ්‍යාව අද දිනයේ මිලියනය ඉක්මවා ගියේය.

    අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 10 ඉක්මවා තිබේ. මේ අතර, බ්‍රසීලයේ ආසාදිත සංඛ්‍යාව ඊයේ ලක්‍ෂ 20 ඉක්මවා ගියේය.

    ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 25,000කට අධිකයි. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 22ක්. මරණ 25,000 ඉක්මවූ රටවල් ගණන 8ක් වන අතර, මරණ දහසකට අධික රටවල් සංඛ්‍යාව 41ක්. සියළුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 15ක් වාර්තාවේ. නෞකා දෙකක් ද ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. කිසිදු කොරෝනා රෝගියෙකු මරණයට පත් නොවූ රටවල් ගණන 28ක්.

    5,000ක්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, එක් ලක්‍ෂ 41,000ක් ලෙසයි.

    Latest News