ඇසෑම් ගංවතුරින් 71ක් මරුට

ජූලි 18, 2020

    ඉන්දියාවේ ඊසාන දිග ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් තිබේ.

    මිලියනයකට අධික පිරිසක් තාවකාලික කූඩාරම්වල රැඳී සිටින බව වාර්තාවේ. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට අවතැන් වූ පුද්ගලයන් රඳවා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිව ගලවා ගැනීමේ අංශ දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ. ගංවතුර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නායයාම් 26ක් වාර්තා විය. හිමාල කඳුවැටියේ සිට ඉන්දියාවටත්, පසුව බංග්ලාදේශය හරහාත්, ගලායන බ්‍රහ්ම පුත්‍ර ගංගාව මෙලෙස පිටාර ගැලීමට ලක්ව තිබේ. කඳුකර ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය වැඩිවීම හේතුවෙන් එම ගංගාවේ ඉවුරු පුපුරා ගොස් ඇතැයි ගලවා ගැනීමේ නිලධාරීන් නිරීක්‍ෂණය කර ඇති බව වාර්තාවේ.

    Latest News