ලොව කොවිඩ්19 ආසාදිතයන් එක්කෝටි 23න් ලක්‍ෂ 89,000 ඉක්මවයි

ජූලි 10, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට එක්කෝටි 23න් ලක්‍ෂ 89,000 ඉක්මවා තිබේ.

    මරණ සංඛ්‍යාව, පන් ලක්‍ෂ 57,000කට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තාවන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව තිස් දෙලක්‍ෂ 22,000ක්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, එක් ලක්‍ෂ 35,000ක් ලෙසයි. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව 17ත් ලක්‍ෂ 59,000 ඉක්මවා ගොස් තිබේ.

    මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව, 70,000කට ආසන්නයි. ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි. එරට ආසාදිතයන් සංඛ්‍යාව 7ත් ලක්‍ෂ 94,000කට අධිකයි. ඉන්දියාවේ මේ දක්වා කොරෝනා මරණ 21,623ක් වාර්තා වී තිබේ. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 21ක්. මරණ 25,000 ඉක්මවූ රටවල් ගණන 7ක් වන අතර, මරණ දහසකට අධික රටවල් සංඛ්‍යාව 38ක්. සියලුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 20ක් වාර්තාවේ. නෞකා දෙකක් ද ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. කිසිදු කොරෝනා රෝගියෙකු මරණයට පත් නොවූ රටවල් ගණන 29ක්.

    Latest News