ලොව කොරෝනා මරණ පන් ලක්ෂ 19,000 ඉක්මවයි

ජූලි 02, 2020

    ලොව කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 19,000 ඉක්මවා ගොස් තිබේ. වෛරසයෙන් දකුණු අමෙරිකානු කලාපයේ වැඩිම බලපෑම් එල්ල වූ බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව අද 60,000 ඉක්මවා ගොස් තිබේ.

    ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි අට ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. වෛරසය ආසාදනය වූ හැට ලක්ෂයකට අධික පිරිසක් පූර්ණ සුවය ලබා සිටියි. බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව දාහතර ලක්ෂ 53,000 ඉක්මවා ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගත් ආසාදිතයන් 44,884 දෙනාද, සමගයි.

    එම කාල සීමාවේ සිදු වූ මරණ 1,057ත් සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබේ. මෙය දින කිහිපයකට පසු බ්‍රසීලයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 17:07

    Latest News