අමෙරිකාවේ රෝගීන් විසිහත් ලක්ෂ 27,000 ඉක්මවයි

ජූලි 01, 2020

    අමෙරිකාවේ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව විසිහත් ලක්ෂ 27,000 ඉක්මවා ගොස් තිබේ.

    ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ, එරට මරණ සංඛ්‍යාව එක් ලක්ෂ තිස් දහස ඉක්මවා ඇති බවයි. අමෙරිකාවේ කොවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ, නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්. එහි රෝගයට ගොදුරු වූ තුන් ලක්ෂ අනූ තුන් දහස් 302ක් හඳුනාගෙන තිබේ. එම ප්‍රාන්තයේ මේ දක්වා මරණ 31,403ක් සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    මීට අමතරව කැලිෆෝනියා,නිව්ජර්සි,ටෙක්සාස් හා ෆ්ලොරීඩා යන ප්‍රාන්ත වලද ලක්ෂයකට වැඩි පිරිසක් බැගින් කොවිඩ් 19 රෝගයට ගොදුරුව සිටියි. ජෝන්ස් හොප්ස්කින්ස් විශ්ව විද්‍යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දකුණු හා බටහිර ප්‍රාන්තවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවයි.

    Last modified on බදාදා, 01 ජූලි 2020 15:28

    Latest News