ඉන්දියාවේ, චීන සමාජමාධ්‍ය තහනමින් පරිශීලකයින් අසීරුවේ

ජූලි 01, 2020

    ඉන්දියානු රජය චීන මෘදුකාංග හා සමාජජාල සිය රට තුළ තහනම් කිරිම හේතුවෙන් ඒ සම්බන්ධ පරිශීලකයන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.

    ටික් ටොප් වී චැට් වැනි සමාජ ජාල වේදිකා ඇතුළත් මෘදුකාංග 59ක් ඉන්දියාවේ තහනමට ලක්කර ඇති බවයි, වාර්තා වන්නේ. ඉන්දියානු රජය පවසන්නේ, තහනමට ලක් කර ඇති මෙම යෙදුම් මගින් රටේ ස්වෛරිභාවයට හා අඛණ්ඩතාවයට අගතියක් වන බවයි. අදාළ යෙදයුම් මඟින් රට තුළ තොරතුරු චීන රජයට ලැබීම හේතුවෙන් ඉන්දියාවේ ආරක්ෂාව හා මහජන සාමය සඳහා ද එය තර්ජනයක් වන බවයි, ඉන්දියාව පෙන්වා දෙන්නේ.

    මේ වන විට බොහෝ සමාජ ජාල හා චීන ආයතන තමන් දත්ත අවභාවිතාවක් සිදු නොකරන බව ඉන්දීය රජයට දැනුම් දී තිබේ. ඉන්දියාවේ තීරණය පිළිබඳව දැඩි ලෙස සැලකිසිමත් වන බව ද චීන රජය කියා සිටියි.

    Last modified on බදාදා, 01 ජූලි 2020 15:50

    Latest News