ලොව විශාලතම කොවිඩ් රෝහල ඉන්දියාවේදී විවෘත වේ

ජූලි 01, 2020

    කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව ලොකුම තාවකාලික රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය දා ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත කෙරිණ.

     

    පාපන්දු පිටි 22 ක් තරම් විශාල භූමි භාගයක ඉදිවී ඇති මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 10,000කට එකවර ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ.

    මෙම දැවැන්ත රෝහල පසුගිය 27 වැනි දින නිල වශයෙන් විවෘත කෙරිණ.

    මුලින් ඇඳන් 2,000ක ප්‍රමාණයක් භාවිතය සඳහා සූදානම් කර තිබූ බවත්, ඉතිරි ඇඳන් 8,000ද බදාදා සිට භාවිතයට සූදානම් කරනු ඇති බවත් සඳහන් වේ.

     

    Last modified on සෙනසුරාදා, 04 ජූලි 2020 16:51

    Latest News