ලොව සමස්ත ආසාදිතයින් ගණන 95,27000 ඉක්මවයි

ජූනි 25, 2020

    ලොව සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අනූපන්ලක්ෂ විසි හත්දහස ඉක්මවා ගොස් තිබෙනවා.

    මෙතෙක් සිදු වී ඇති මරණ සංඛ්‍යාව හාරලක්ෂ අසූහතර දහසකට අධිකයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන වේගය මීට පෙර අනුමාන කළ ප්‍රමාණයටත් වඩා අඩාල වි ඇති බවයි. මේ වසරේ ගෝලිය ආර්ථික වර්ධන වේගය සියයට 5 කින් පමණ පහත වැටෙණු ඇති බවයි.

    එය 1930 වසරේ ඇති වූ මහ ආර්ථික අවපාතයටත් වඩා පසුබෑමක්. මේ වන විට ලොව රටවල් රැසක ආර්ථික වර්ධන වේගය දැවැන්ත පසුබෑමක් පෙන්නුම් කර තිබෙනවා. මෙය යථා තත්ත්වයට පත්වීමට තව බොහෝ කාලයක් ගතවනු ඇති. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වනවා. එම කාල සීමාවේ එරටින් අලුතින් හදුනාගෙන ඇති ආසාධිතයින් පිරිස 40995 ක්. මරණ 1103 ක් සිදු වී තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 11:07

    Latest News