මෙක්සිකෝවේ ප්‍රබල භූකම්පනයක්

ජූනි 25, 2020

    මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයට ප්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල වී තිබේ.

    රික්ටර්මාපකයේ ඒකක 7.4 ක් ලෙස සටහන්ව ඇති භූ කම්පනයෙන් දැඩි බලපැම් සිදු වි ඇත්තේ හුආතුල්කෝ නගරයටයි. භූ කම්පනය හේතුවෙන් ප්‍රෙදේශයේ නිවාස ඇතුලු ගොඩනැගිලි රැසක් විනාශ වී ගිහින්. 9 දෙනෙකු මියගොස් ඇති අතර ගොඩනැගිලි සුන් බුන් ඉවත් කිරීම ආරම්භ කර තිබේ.

    බලධාරීන් පවසන්නේ පුද්ගල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. තවදුරටත් පසු භූ කම්පන මගින් බලපෑම් එල්ල විය හැකි නිසා අවධානයෙන් පසු වන ලෙස ජනතාවට උපදෙස් දි තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 11:14

    Latest News