කොරෝනා නිසා ලොව පුරා මරණ 451,000 ඉක්මවයි

ජූනි 18, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 451,000 ඉක්මවා තිබේ.

    වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 84කට අධිකයි.

    මේ වනවිට කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, ලතින් අමෙරිකානු කලාපයටයි. යුරෝපයේ කොරෝනා වෛරස් බලපෑම ඉහළ මට්ටමක පැවති ඉතාලියේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අභිබවා යමින් පේරු රාජ්‍යයේ ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්‍ෂ 40,000 ඉක්මවා තිබේ. ඉකුත් පැය 24 තුළ පේරු රාජ්‍යයෙන් හඳුනා ගැනුණු නව ආසාදිතයන් සංඛ්‍යාව 3,752ක්. එම කාලසීමාව තුළ එරට සිදුවූ මරණ සංඛ්‍යාව 201ක් ලෙස වාර්තාවේ. කෙසේ වුවත්, ඉකුත් පැය 24 තුළ ද ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් හඳුනා ගැණින. එම පිරිස 31,465ක්. එම කාලසීමාව තුළ එරට සිදුව ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් හඳුනා ගැණින. එම පිරිස 31,465ක්. එම කාලසීමාව තුළ එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,209ක්.

    Latest News