දකුණු කොරියාවේ ඉල්ලීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි

ජූනි 17, 2020

    ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට දකුණු කොරියාව කළ ඉල්ලීම උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    දෙරට අතර මතභේදාත්මක තත්වය අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

    අන්තර් කොරියානු සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පසුගියදා පුපුරුවා හරිනු ලැබුවා. එම සිද්ධියෙන් පසු උණුසුම්කාරී තත්වයක් තවදුරටත් වර්ධනය වුණා. එම අවස්ථාවේදී උතුරු කොරියාව කියා සිටියේ ඊට දකුණු කොරියාවෙන් යුදමය පිළිතුරුක් බලාපොරොත්තු වන බවයි. ඒ බව. උතුරු කොරියානු බලධාරීන් රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කර තිබුණා. මේ අතර, දූත පිරිසක් උතුරු කොරියාවට යැවීමට දකුණු කොරියාව තීරණය කළා. එමගින් උණුසුම්කාරී තත්වය මැඩපැවැත්වීමට යෝජිතයි. එම යෝජනාව උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අන්තර් කොරියානු සාම ගිවිසුම අහෝසි කිරිමේ වෑයමක උතුරු කොරියාව යෙදී සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    Latest News