කාශ්මීරයේ ඉන්දු - චීන සෙබළුන්ගේ ගැටුමක්;‌ ඉන්දියානු සෙබළුන් 20ක් ජීවිතක්‍ෂයට

ජූනි 17, 2020

    කාශ්මීරයේ ලදාක්‌ ප්‍රදේශයේ ඉන්දු - චීන සෙබළුන්‌ අතර ගැටුමකින්‌ ඉන්දියානු සෙබළුන් 20 ක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    ඉන්දු - චීන දේශ සීමාවේ ගැටමකින් වසර 45 කින්‌ මරණ සිදුවූ පසු ප්‍රථම අවස්ථාව මෙයයි.

    ලදාක්‌ ප්‍රදේශයේ ගැල්වාන්‌ නිම්නයේ පිහිටි දේශසීමාවේ තමන්ට අයත්‌ ප්‍රදේශයට චීනය සෙබළුන්‌ එවා ඇතැයි ඉන්දියාව චෝදනා කරනවා. එහෙත්‌ චීනය ප්‍රකාශ කරන්නේ, ඉන්දීය සෙබළුන්‌ තම බලප්‍රදේශයට බලහත්කාරයෙන්‌ ඇතුළු චූ බවයි. කිසිදු වෙඩි තැබීමක්‌ මෙහිදී සිදු නොවූ බව දෙපාර්ශවයම තහවුරු කළා. දෙරටේ සෙබළුන්‌ ගුර්බැට හුවමාරු කර ගන්‌ බවත්‌, ඉන්දීය හමුදා සාමාජිකයන්‌ මියගියේ, චීන සෙබළුන්ගේ පහරදීම්වලින්‌ බවත්‌ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. චීන සෙබළුන්ට සිදුවූ හානිය පිළිබඳව තොරතුරු කිසිවක්‌ එම පාර්ශවය මේ දක්වා හෙළි කර නැහැ. ඉන්දියාව හා චීනය පවසන්නේ, දේශ සීමා ගැටුමක් කරා යොමුවීමට දෙරටටම අවශ්‍ය නොවන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් දෙරටේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. දේශ සීමා ප්‍රශ්න හේතුවෙන් 1962 වසරේ දී ඉන්දියාව හා චීනය අතර මසක පමණ කාලයක් යුද්ධයක් පැවතුණා. ඉන් පසු මේ දක්වා වරින් වර ගැටුම් පැවතිය ද ඒවා කඩිනමින් සමතයකට පත් කර ගැණුනා.

    Latest News