ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 81 ඉක්මවයි

ජූනි 16, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්‍ෂ 81 ඉක්මවා තිබේ. මේ වනවිට දිනකට ලක්‍ෂයකට වැඩි රෝගීන් පිරිසක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව හාර ලක්‍ෂ 39 දහසකට අධිකයි. ලොව වැඩිම රෝගීන් වාර්තාවන අමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව විසි එක්ලක්‍ෂ අසූ දෙදහස ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 18,000ක්. ලොව දෙවනුව රෝගීන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. එරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අට ලක්‍ෂ අනූ එක් දහස ඉක්මවයි. මරණ සංඛ්‍යාව හතළිස් 44,000කට අධිකයි. ආසාදිතයින් වැඩිම රටවල් අතරින් තුන්වැනි රට වන්නේ රුසියාවයි. එය පන් ලක්‍ෂ 37,000කට අධිකයි. රුසියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව එක් දහස ඉක්මවයි. මරණ සංඛ්‍යාව අතින් රුසියාව මේ වනවිට පසුවන්නේ 13 වැනි ස්ථානයේ. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂයකට වැඩි රටවල් සංඛ්‍යාව 16ක් ලෙස වාර්තා පෙන්වා දෙයි.

    ආසාදිත සංඛ්‍යාව දස දහසකට වැඩි රටවල් ගණන 61ක්. කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවූ රටවල් 6ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දහසට වැඩි රටවල් සංඛ්‍යාව 33ක්. මේ වනවිට සියලු කොරෝනා රෝගීන් සුවය ලබා සිටින රටවල් සංඛ්‍යාව 23ක්. එම රටවල් අතරින් මේ වනවිට ප්‍රතිකාර ලබන කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැත.

    ඉන් රටවල් 16කින් කොරෝනා මරණ ද වාර්තා වී නොමැත. නෞකා දෙකක් ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර, ලොව කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 30ක්.

    Latest News