පාකිස්තානයේ හිටපු අගමැති ගිලානිටත් කොරෝනා

ජූනි 14, 2020
    පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වාර්තා වෙයි.
    හිටපු අගමැතිවරයා කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇත්තේ පාකිස්තාන ජාතික වගවීම් කාර්යාංශයේ පැවති මුදල් විශුද්ධිකරණ නඩු විභාගයකට සහභාගිවීමෙන් අනතුරුව ඊයේ දිනයේ දී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
     
    67 හැවිරිදි හිටපු අගමැති යුසුෆ් රාසා ගිලානිගේ පුත් කාසිම් ගිලානි මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අගමැති ඉම්රාන් ඛාන්ගේ දූෂණ කාර්යාංශය තමන්ගේ පියා අනතුරේ හෙළා ඇති බවයි.
    මේ වන විට පකිස්තානයේ  මුළු ආසාදිතයින් ගණන 1 39,230ක් වී ඇති අතර මරණ 2632ක් ද වාර්තා වී ඇත.
    හිටපු ක්‍රිකට් නායක ෂාහිඩ් අෆ්රිඩි ද පසුගිය සෙනසුරාදා කොරෝනා වෛරසය වැළඳී ඇති බව සදහන් විය.

    Latest News