මෙරටට ගුවන්යාන පැමිණීම අද මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවයි

මාර් 18, 2020

    අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මගී ගුවන් යානා පැමිණීම අත්හිටුවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයකට අනූව එය ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

    මේ අනූව, කිසිඳු ගුවන් මගියෙකුට රටට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇති. එය සති දෙකක කාලයක් බලපැවැත්වෙන බව රජය පවසයි. කෙසේ වුවද, දඹදිව වන්දනාවේ ගොස් ඇති පිරිස ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මේ වන විට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල 300කට පමණ පිරිසක් රැඳී සිටින බව සඳහන්. කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය සමග පැවති සාකච්ජාවේ දී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, එම පිරිස කඩිනමින් ගෙන්වා ගැනීමට ක්‍රියා කරන ලෙසයි. මේ අතර, ලොව බොහෝ රටවල් මේ වන විට සංචාරක තහනම් පනවා තිබේ. ගුවන් තොටුපොළ ගණනාවක් වසා දමා ඇති අතර ඇතැම් ගුවන් තොටුපොළවලින් ගමනා ගමනය සීමා කර තිබේ.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 10:20

    Latest News