අමෙරිකාවේ 12වැනි දිනටත් විරෝධතා

ජූනි 07, 2020

    බ්ලැක් ලයිව්ස් මැටර් තේමාව කරගනිමින් අමෙරකාව පුරා ක්‍රියාත්මක විරෝධතා අඛණ්ඩව 12 වැනි දිනටත් පැවැත්වෙයි.

    ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධිය මුල්කර ගනිමින් විරෝධතා පැවැත්වෙන අතර ඒ සඳහා වොෂින්ටන් ඩීසී අගනුවරට ඊයේ වාර්තාගත ජනකායක් එක්ව රැස්ව සිටියේය.

    අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිට ධවල මන්දිරය සහ ලින්කන් අනුස්මරණ ස්ථානය දක්වා වීදිවල විරෝධතාකරුවන් රැස්ව සිටිනු දැකගත හැකි වුණා. කෙසේ වුවද ආරක්ෂක අංශ හා හමුදා වාහන විසින් වොෂින්ටන් ඩීසී නුවර බොහෝ ප්‍රදේශ ගමනාගමනය සඳහා වසා දමා තිබූ බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    විරෝධතා ආරම්භයේ දී දැඩි ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත් නමුත් මේ වන විට එය තරමක් සාමකාමී ස්වභාවයක් ගෙන තිබේ. ඔබේ දණහිස අපේ බෙල්ලෙන් ඉවතට ගන්න යනුවෙන් දැක්වෙන පුවරු රැසක් මෙම විරෝධතාව පුරා දැකගත හැකියි.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 12:38

    Latest News