චීනයේ 5 - ජී තාක්ෂණය තවදුරටත් ඉදිරියට

ජූනි 07, 2020

    මේ වනවිට චීනයේ 5 - ජී තාක්ෂණය පිළිබඳ සංවර්ධනය පූර්ණ ලෙස කඩිනම් කෙරෙමින් පවතී.

    විශේෂයෙන් නව කොරොනා වසංගත පාලන කටයුතු සඳහා 5 - ජී තාක්ෂණය දැවැන්ත මෙහෙවරක් ඉටු කර ඇත.

    මේ වනවිට චීනයේ 5 - ජී ජාල සංවර්ධනය නගර, කෝරළ හා උපනගරවලට යොමු වෙමින් පවතී.

    සතියකට 5 - ජී මධ්‍යස්ථාන 10,000 පමණ ඉදි කෙරේ.

    මේ වසර අග වනවිට රට පුරා 5 - ජී මධ්‍යස්ථාන ලක්ෂ 06ක් පමණ ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

    නගරවල එළිමහනේ පූර්ණ ආවරණය, කෝරළවල වැදගත් ස්ථානවල ආවරණය හා වැදගත් පරිශ්‍රවල පූර්ණ ආවරණය බලාත්මක කිරීම අරමුණ වී තිබේ.

    Latest News