ලොව කොරෝනා ආසාදිතයින් 6,875,000 ඉක්මවයි

ජූනි 06, 2020

    ලොව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,875,000 ඉක්මවා තිබේ.

    කොරෝනා මරණ සංඛ්‍යාව ද තුන් ලක්‍ෂ 90,000කට අධිකයි. එසේම, මේ වනවිට කොරෝනා ආසාදිතයින් ලක්‍ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් දස දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 55ක්. මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 06ක් වන අතර, දහසකට වඩා මරණ වාර්තාවන රටවල් සංඛ්‍යාව 29ක්. මේ අතර, අසල්වැසි ඉන්දියාව මේ වනවිට කොරෝනා ආසාදිතයින් වැඩිපුරම වාර්තාවන රටවල් අතරින් 06 වැනි ස්ථානයට පත්වී තිබේ. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව දෙලක්‍ෂ 30,000කට අධිකයි.

    Latest News