අමෙරිකානු පොලිසියේ නිලධාරින්‌ පිරිසක්‌ සේවයෙන්‌ ඉවත්‌ වී විරෝධතාවක

ජූනි 06, 2020

    අමෙරිකානු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඒකකයක සමස්ත නිලධාරින්‌ පිරිසක්‌ සේවයෙන්‌ ඉවත්‌ වී තිබෙනවා.

    ඒ, පොලිස්‌ නිලධාරින්‌ දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කිරීමක්‌ වශයෙන්‌.

    නිව්යෝර්ක්‌ නගරයේදී පොලීස්‌ නිලධාරීන්‌ විසින්‌ විරෝධතාකරුවෙකු තල්ලු කිරීමෙන්‌ පසු ඔහු ඇදවැටී තුවාල ලැබීම පොලිස්‌ නිලධාරීන්ගේ වැඩතහනම් කිරීමට හේතුවයි.

    මේසේ සේවයෙන්‌ ඉවත්‌ වී ඇත්‌නේ, උපාය මාර්ගික කටයුතු සඳහා වූ පොලිස්‌ ඒකකයේ නිලධාරින්‌ පිරිසක්‌. ඔවුන්‌ සියලු හදිසි අවස්ථා මෙහෙයුම්වලින්‌ ඉවත්ව සිටිනවා. පොලිස්‌ නිලධාරීන්‌ මේ තීරණය ගනු ලැබුවේ, නිව්යෝර්ක්‌ නගරාධිපතිවරයා විසින්‌ එම නිලධාරීන්‌ දෙදෙනාට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කළ යුතු යැයි ප්‍රකාශ කිරීමත්‌ සමඟයි. එහෙත්‌, පොලිසිය පවසන්නේ, තමා ඉදිරියට එන පුද්ගලයා කුමන වයසක පසුවන්නෙක් වුවද, රාජකාරී ඉටුකිරීම සිදු කළ යුතු බවයි. පොලිස්‌ ග්‍රහණයේ සිටියදී, කඵ ජාතිකයෙකු මියයාමට විරෝධය පළ කිරීමක්‌ වශයෙන්‌ සහ කළ ජාතිකයින්ට එරෙහිව සිදුවන පොලිස්‌ ප්‍රචණ්ඩ කියා නවතාලන ලෙස ඉල්ලමින්‌ අමෙරිකාවේ නගර රැසක මේ වන විට දැඩි විරෝධතා පැවැත්වෙනවා. ඉහත සිදුවීම වාර්තා වුණේ, එවන්‌ විරෝධතාවයක්‌ අතරතුරදී,

    Latest News