ලොවපුරා කොවිඩ්19 ආසාදිතයන් ලක්‍ෂ 67 ඉක්මවයි

ජූනි 05, 2020

    ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව, ලක්‍ෂ 67 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව, 393,000කට අධිකයි.

    මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂයකට වැඩි රටවල් සංඛ්‍යාව 14ක් ලෙස වාර්තා පෙන්වා දෙයි. ආසාදිත සංඛ්‍යාව 16,000 ඉක්මවූ රටවල් ගණන 55ක්. කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවූ රටවල් 06ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 29ක්. මේ වනවිට සියලු කොරෝනා රෝගීන් සුවය ලබා සිටින රටවල් සංඛ්‍යාව 22ක්. එම රටවල් අතුරින් මේ වනවිට ප්‍රතිකාර ලබන කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වන්නේ නැහැ. ඉන් රටවල් 15කින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ. නෞකා දෙකක් ඇතුලුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර, ලොව කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 30ක්.

    Latest News