ස්පාඤ්ඤයේ සංචාරක නිරෝධායන නීති ලිහිල් කෙරේ

මැයි 26, 2020

    ස්පාඤ්ඤය වෙත පැමිණෙන සංචාරකයන් සඳහා පණවා තිබූ නිරෝධායන නීති ලිහිල් කිරීමට එරට රජය ඊයේ තීරණය කළේ.

    මෙතෙක් විදෙස් සංචාරකයන් සඳහා පනවා තිබූ නිරෝධායන කාලසීමාව ලබන 1 වැනිදා සිට ඉවත් කිරිමට එරට පියවර ගෙන තිබේ. රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නවතාලීම උදෙසා ස්පාඤ්ඤය රජය විසින් විදේශ සංචාරකයන් සඳහා දින 14ක නිරෝධායන කාලසීමාවක් පනවා තිබිණ. රටට ඇතුළු වන සංචාරකයන් මෙම දින 14ක වෙන් වෙන් වශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ද යන්න පරීක්ෂා කෙරේ.

    නමුත් සංචාරකයන් සඳහා වන අසීරුතාවය සළකාබලා එරට විදේශ අමාත්‍ය අරන්වා ගොන්සාලෙස් මෙම නිරෝධායන කාලසීමාව ඉවත් කිරීමට කටයුතු කරන බව, මීට ප්‍රථම ප්‍රකාශයට පත් කර තිබිණ. ඊයේ කැබිනට් මණ්ඩල තීරණයකට අනූව නිල වශයෙන් පූලි මස 1 වැනිදා සිට මෙම නිරෝධායන නීති ඉවත් කිරිමට තීරණය කර තිබේ. මිලියන 80කට වඩා වැඩි සංචාරකයන් පිරිසක් වසරකට සංචාරයේ යෙදෙන ස්පාඤ්ඤයේ, දළ නිෂ්පාදනයෙන් 12%ක් විදේශ සංචාරක අංශය මගින් සම්පූර්ණ කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News