WHO චීනයේ රූකඩයක් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි

මැයි 19, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් යැයි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යහපත් ලෙස පාලනය නොකිරීම සම්බන්ධයෙන් එම සංවිධානයට චෝදනා කරමින් ඔහු මේ බව කියා සිටියේය. ලොව මියගිය පුද්ගලයන්ගේ වගකීම එම සංවිධානය බාරගත යුතු බව ට්‍රම්ප් පවසයි.

    ජනාධිපති ට්‍රම්ප් වරින්වර ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා එල්ල කරයි. අමෙරිකාව ලබාදෙන ආධාර ද කපා හරිනු ලැබීය. ඒ අනුව එරට වාර්ෂිකව ජගත් සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක මුදල කපා හාරීමට යෝජනා කෙරිණ. මේ අතර, අමෙරිකානු සෞඛ්‍ය ලේකම්, ඇලෙක්ස් අසාර් කියා සිටියේ ලෝකයට අවශ්‍ය වේලාවේදී තොරතුරු ලබාදීම හා දැනුවත් කිරීම ජගත් සෞඛ්‍ය සංවිධානය සිදු නොකළ බවයි. අසාර් මේ බව කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සමුළුව ඊයේ අමතමින්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රාස් අද්නම් සඳහන් කළේ, සියලු චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමට අදහස් කරන බවයි.

    Latest News