"ස්ලෝවේනියාව" කොරෝනා වෛරසයෙන් මිදෙයි

මැයි 16, 2020

    යුරෝපයේ කොරෝනා වෛරස තර්ජනය අවසන් කළ ප්‍රථම රට බවට ස්ලෝවේනියාව ඊයේ (15) පත්විය.

    තවදුරටත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදු නොවන රටක් ලෙසට එය නම් කර තිබේ. ස්ලෝවේනියානු රජය විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබීය.

    කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පසුගිය මාර්තු 12 වන දින ස්ලෝවේනියාව හදිසි ක්‍රියාමාර්ග පැනවීය.

    අග්‍රාමාත්‍ය ජැනෙස් ජන්සා පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ ස්ලෝවේනියාව “වසංගතය සමඟ කටයුතු කිරීමේදී යුරෝපා සංගමයේ වඩාත්ම සාර්ථක රට” බවට නම් කර ඇති බවයි. වසංගත රෝග තත්ත්වයෙන් අනතුරුව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි රජය අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

    මිලියන 02 ක පමණ ජනගහනයක් සහිත යුරෝපා සංගම් සාමාජික රටක් වන ස්ලොවේනියාවේ COVID-19 පිළිබඳ පළමු තහවුරු වූ සිද්ධිය මාර්තු 04 වන දින වාර්තා විය. මැයි 13 වන විට රෝගීන් 1,464 ක් වාර්තා වූ අතර 103 දෙනෙකු වයිරසයෙන් මිය ගොස් ඇත. කෙසේ නමුත් වාර්තා පසුගිය දින 14 තුළ එරටින් වාර්තා වී ඇති COVID-19 රෝගීන් සංඛ්‍යාව 35ක් පමණි.

    Last modified on සෙනසුරාදා, 16 මැයි 2020 15:53

    Latest News