කොරෝනා ලෝකයෙන් තුරන් නොවනු ඇතැයි අනතුරු ඇඟවීමක්

මැයි 14, 2020

    රෝනකොරෝනා වෛරසය ලෝකයෙන් කිසි දින සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පවසන්නේ, වෛරසයට එන්නතක් නිපදවුව ද එය සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට දැඩි ප්‍රයත්නයක් දැරියයුතු යුතු බවයි. මයිකල් රයන් මේ බව කියා සිටියේ, ඊයේ පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවකදී. ඕනෑම අයෙකුට කොරෝනා වෛරසය තුරන් කළ හැකියැයි, අනුමාන කළහැකි වුවද, එය සිදු නොවනු ඇති බව ඔහු සඳහන් කළේය.

    ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 44 ලක්ෂය ඉක්මවා ගිහින්. මරණ සංඛ්‍යාව දෙලක්ෂ අනූ අටදහසක්. වෛරසයට ගොදුරුවූ දහසය ලක්ෂ පනස් නව දහසකට ආසන්න පිරිසක් සුවය ලබා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මැයි 2020 09:10

    Latest News