කොවිඩ්-19 දෙවැනි රැල්ලට බිය විය යුතු නැහැ - චීන විද්‍යාඥයින්

මැයි 13, 2020

    කොවිඩ්-19 රෝගයේ දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවද ඊට බිය විය යුතු නැතැයි, චීන විද්‍යාඥයින් පවසයි.

    මීට ප්‍රථම තම රටෙහි වසංගත තත්වය පැතිරයාමේ දී අනුගමනය කළ සෞඛ්‍ය ක්‍ර මෝපායන් සහ අත්දැකීම් නව ප්‍රවණතාව මැඩපැවැත්වීම සඳහා යොදාගත හැකි බව ඔවුන් සඳහන් කරයි. පසුගිය කාලයේ දී කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් චීනය වසංගත රෝග පාලනය සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ලැබූහ. එබැවින් යළි වසංගත තත්වයකට ගොදුරුවීමට හැකියාවක් නැතැයි චීන වසංගත රෝග විද්‍යා ආයතනයේ විදඥාඥ “වු සුන්යු” ප්‍රකාශ කළේය. අද කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු චීනයෙන් වාර්තා විය. මේ වනවිට චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව, 82,926ක්.

    Latest News