අමෙරිකාවේ ආසාදිතයින් ලක්ෂ 13කට ආසන්නයි

මැයි 08, 2020

    අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව අද (08) අළුයම වන විට 12,92,623ක සීමාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 76,000ක සීමාවට ළඟා වී තිබේ. සුවය ලැබූ ගණන ලක්ෂ 2ක් වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    අමෙරිකාවේ වැඩිම මරණ වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්. එම ගණන 26,000 ඉක්මවයි. අනතුරුව නිව්ජර්සි,මැසචුසෙට්ස්,මිචිගන්,පෙන්සිල්වේනියා,ඉල්නොයිස් ආදී ප්‍රාන්තවලින් මරණ වාර්තා වෙයි.

     

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 09:02

    Latest News