වඳුරන්ට දුන් කොරොනා බෙහෙත සාර්ථකයි

අප්‍රේ 20, 2020

    ‍ෙකොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන නව ප්‍රතිවෛරසයක් සාර්ථකව අත්හදා බලමින් සිටින බව වාර්තා වෙයි. වෛරසයට ප්‍රතිකාර වශයෙන් ඖෂධ හා එන්නත් සොයා ගැනීමේ ක්‍රියාදාමය තුළ මෙය සතුටුදායී ආරංචියක් ලෙසයි, සැලකෙන්නේ.

    බොහෝ රටවල මේ වන විටත් විවිධ එන්නත්, ඖෂධ සොයා ගැනීමේ තරගයක නියැලී සිටියි. එම සොයා ගැනීම මගින් වෛරසය හේතුවෙන් හට ගන්නා අතුරු ආබාධ වැළැක්වීමට හා ශරීරයට අවශ්‍ය ප්‍රතිදේහ කළින් නිර්මාණය කරවීම බලාපොරොත්තු වෙයි. නමුත්, අමෙරිකාවේ ගිලියද් සයන්ස් ඉන් කෝපරේෂන්හි පර්යේෂණයන් මගින් රෙමෙඩිසයිවර් නමැති මෙම ප්‍රති වෛරසය සොයා ගෙන තිබේ.

    දැනට මෙම ප්‍රති වෛරසය වඳුරන් යොදා ගනිමින් පරීක්ෂණයට යොදා ඇති අතර, කොරෝනා වෛරසය ශරීරය තුළ වර්ධනය වීම ප්‍රතිවෛරසය ලබා දුන් වඳුරන් තුළ අඩු වී ගොස් තිබේ. පෙනහලු තුළ වෛරසය වර්ධනය අඩු කිරීමට හා ඉක්මණින් සුව වීමට මෙම ප්‍රතිවෛරසය වඳුරන් තුළ ක්‍රියා කර ඇති බව, වාර්තා වෙයි. නමුත් මෙම ප්‍රතිවෛරසය මගින් ඇති වන අතුරු ආබාධ මිනිසා හට යෙදවීමට අවශ්‍ය ප්‍රමාණය හා ක්‍රමවේදය පරීක්ෂණ මට්ටමේ පැවතෙන බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 18:46

    Latest News