බොකෝ හරාම් 44ක් බන්ධනාගාරක් තුළ මරුට

අප්‍රේ 20, 2020

    බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් 44 දෙනෙකු මධ්‍යම අප්‍රිකානු චැඩ් ජනරජයේ බන්ධනාගාරයක් තුළ දී මියගොස් තිබේ. විෂ ශරීරගත වීමකින් ඔවුන් මියගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    ඉකුත් මාර්තු 23 වැනිදා බොකෝ හරාම් සටන්කාමී සිදු කළ ප්‍රහාරයකින් වැඩි ජනරජ භටයින් 100කට ආසන්න සංඛ්‍යාවක් මියගියේය. අදාළ ප්‍රහාරයෙන් අනතුරුව සිදු කළ මෙහෙයුමකදී මෙම බොකෝ හරාම් සටන්කාමීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    මෙහෙයුම් වල දී අත්අඩංගුවටගත් සමස්ත බොකෝ හරාම් සටන්කාමීන් සංඛ්‍යාව 58කට අධිකයි. කෙසේ වුවත් ඔවුන්ට බන්ධනාගාරය තුළ දී ප්‍රමාණවත් තරම් ආහාර හෝ ජලය ලබා දීමට කටයුතු කර නැති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විෂ ශරීරගතවීමෙන් අනතුරුව ඇතැමෙකුට හෘදයාබාධ තත්වයක් ඇති වී ඇති අතර ඇතැමුන් ස්වසන අපහසුතාවලින් මියගොස් ඇති බව විදෙස් වාර්තා වන සඳහන්.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 12:17

    Latest News